නිසරු බිම්වල ශාක වැවීමට නව සොයා ගැනීමක්
- 2021-12-02 17:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවයේ නියුතු පී. එම්. චමින්ද මහතා විසින් අඩු වියදමකින් නිසරු බිම්වල ශාක රෝපණය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දී තිබේ.
ඒ මහතා විසින් සකස් කර ඇති පැළ ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගියදා (30) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම ප්‍රදර්ශනය විවෘත කළේය.
එහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක් යොදා ගනිමින් එම ශාක වගා කරන ලද බව ඔහු ප්‍රකාශ කළේය. දැනට මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බව කී චමින්ද මහතා ඒ සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයාට ලබා දීමට ද එකඟතාවය කළ කළේය.
රසායනික පොහොරවලට වඩා ශාක වර්ධනයට ඉවහල් කර ගත හැකි මෙම පස් ටොන් මිලියන ගණනක් එම නිධීය තුළ ඇති බවද සඳහන් කළේය. නමුත් මේ පිළිබඳව මෙතෙක් කිසුදු පර්යේෂණයක් සිදු කර නොමැති බවත් ඔහු කීය.
විශේෂයෙන් නිසරු බිම්වල මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබා දීමෙන් අනතුරුව කැණීම් කළ ස්ථානවල පරිසරය විනාශ වී ඇති බැවින් චමින්ද මහතා විසින් හඳුන්වා දී තිබෙන අඩු වියදම් පැළ රෝපණ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් එම ස්ථානවල පැළ වගා කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගත යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments