නීති විරෝධී සතුන් දඬයම් කිරීම ගැන අගමැති නියමයෙන් පරීක්ෂණයක්
- 2020-07-22 09:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නීති විරෝධී ආකාරයට සිදුවන සතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21දා) වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතාට උපදෙස් දුන්නේය.
දුර්ලභ ගණයේ සතුන් ආරක්ෂා කරගැනීම රජයක වගකීමක් බැවින් මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවසීය.
ඉකුත් 20 දා නාවලපිටිය පොලිස් වසමට අයත්, මාපකන්ද ප්‍රදේශයේ දී පැන්තරා පාදුස් වර්ගයේ අවුරුදු 07ක පමණ කොටි ධේනුවක් මන්දකට හසුව මියගියාය.
මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත උපදේශය වනජිවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලබා දුන්නේය.
පසුගිය සමයේ දිගින් දිගටම මෙවැනි සිදුවිම් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අතිශය දුර්ලභ ගණයේ කළු කොටියෙක්ද රටට අහිමි වූ බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරින් දැනුම්වත් කර නැවත එවැනි සිදුවීම් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, වන සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.
නීති විරෝධී ආකාරයට සතුන් දඩයම්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments