Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (09දා) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වූ බව නාවික හමුදාව පවසයි.

මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන බවත් ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතින බවත් නාවික හමුදාව පවසයි.

ඒ අනුව ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්දතුඩුවේ සිට නාවික සැතපුම්  37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරක් දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් ඉන්ධන පැල්ලමක් පෙරදින සවස් කාලයේ   නිරීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන්යානයක් යොදා ගනිමින් අදාල ඩීසල් ඉන්ධන පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂීත රසායන ද්‍රව්‍යක් ඉසීමට කටයුතු කර එමගින් සාගර පරිසරයට වියහැකිව තිබූ බලපෑම අවම කිරීමට කටුයුතු කරන ලදි.

එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු වල නිරතව සිටී.

තවද, නෞකාවේ පවතින ආපදා තත්වය සම්පූර්ණයෙන් පාලනය වීමෙන් පසු  නෞකාවට ඇතුළු වී එහි තත්වය නිරීක්‍ෂණය කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සොයාබැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ආපදා කළමණාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුවලත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කණ්ඩායමක් අද එම මුහුදු ප්‍රදේශය වෙත නික්මයාමට නියමිතය.

තවද මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ටග් යාත්‍රා සහ ගුවන් යානා යොදා ගනිමින් ‍දිවයිනට පැමිණ සිටින විදේශීය මුදවා ගැනීමේ සහ ආපදා කළමණාකරණය කිරීමේ විශේෂඥ කණ්ඩායම්වලද සහභාගීත්වයෙන් තවදුරටත් සිදු කරනු ඇත. එමෙන්ම, New Diamond  නෞකාවේ පවතින ආපදා තත්වය සම්පූර්ණයෙන් පහව යන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිමින් අනෙකුත් ආපදා කළමණාකරන පාර්ශවයන් හා සම්බන්ධීකරණය වෙමින්  මෙම මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.