පහේ හපනුන් තෝරන ශිෂ්‍යත්වය ඇරඹෙයි
- 2022-12-18 10:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 9.30 ට ආරම්භ විය. විභාග මෂ්‍යස්ථාන 2894 කදී , සිසු දරු දැරියන් 334698 ක් අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙති.
විභාග මධ්‍යස්ථාන වෙත සිසු දරු දැරියන් පෙරවරු 9.00 ට ඇතුළු කර විභාග ශාලාවල වාඩි කිරීම සිදු කිරීමෙන් පසු ශිෂ්‍යත්ව විභාගය පෙරවරු 9.30 ට ආරම්භ කෙරුණු අතර,මෙවර විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ වෙනසක්ද විභාග දෙපාර්තමේන්තුව සිදු කර ඇති අතර, ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුව පිළිතුරු සැපයීමටත්, ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමටත් අවස්ථාව හිමි වනු ඇත.
පෙර වසරවල මෙන් මෙවර සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් හිමිගැන්වීමක් සිදු නොවුණ බවත්, විභාගය ආරම්භයේදී පැමිණෙන සියලු ශිෂ්‍යන්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබීමත් විශේෂත්වයකි. අද (18) පස්වරු 12.15 ට ශිෂ්‍යත්ව විභාගය නිමා වීමට නියමිතය.
තිසර සමල් - අනුරාධපුර
Reply To:
Name - Reply Comment
0 Comments