ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දස අවුරුදු ජාතික සැලැස්මක්
- 2021-08-28 11:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසර අමාත්‍යාංශය 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ඊයේ (25) දින 2021- 2030 දක්වා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් (National Action Plan on Plastic Waste Management – 2021- 2030) හඳුන්වා දෙනු ලැබීය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සඳහා ජපාන රජය මගින් එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන, IETC- Technology for Environment, Environment Stratagies සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන විසින් අනුග්‍රහය දක්වන ලදී.
මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පවතින අවිදිමත් බව සැළකිල්ලට ගනිමින් ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ මෙමගින් යෝජනා කර තිබේ. විශේෂයෙන් 3R සංකල්පය අනුගමනය කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම (Reduce) , නැවත භාවිතා කිරීම ( Re- Use) හා ප්‍රතිචක්‍රියකරණය ( Recycling) යන ක්‍රියා පිළිවෙත තුළින් පරිසරයට එක් කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙහි අරමුණ වේ.
අපේ රටට වාර්ෂිකව ආනයනය කරනු ලබන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. එමෙන්ම අපේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 10,768කි. එමෙන්ම පළාත්පාලන ආයතනවලින් දිනකට එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙ. ටො. 3458කි. ඒ අනුව දිනපතා අප රටේ බැහැර කරන ඝන අපද්‍රව්‍යවලින් සියයට 50ක් එකතු නොකර පරිසරයට බැහැර කරනු ලබන බව පෙනී යයි.
මෙම බරපතල පාරිසරික ගැටළුව විසඳීම සඳහා දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයි මෙම ක්‍රියාකාරි සැළැස්ම අමාත්‍යවරයාට බාර දෙමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අප රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර රැසක් මේ වනවිටත් පරිසර අමාත්‍යාංශය විසින් ගෙන ඇතැයි පැවසීය. ඒ අනුව පරිසරයට වැඩිපුරම එකතු වෙන නොදිරණ ප්ලාස්ටික් හා පොලිතීන් උපයෝගී කර ගනිමින් නිපදවන ලබන නිෂ්පාදන රැසක් මේ වනවිට නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කර ඇති බව සඳහන් කළේය.
පසුගිය මාර්තු 31 සිට සැෂේ පැකට් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 05ක් තහනම් කරනු ලැබීය. එමෙන්ම පසුගිය අගෝස්තු 01 දින සිට නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය මුළුමනින්ම තහනම් කළේය. එමෙන්ම ෂොපිං බෑග් ඇතුළු තවත් නිෂ්පාදන 08ක් තහනම් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
Reply To:
Name - Reply Comment
0 Comments