ප්‍රාථමික ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි නිවාඩු දෙයි
- 2022-02-01 16:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී ප්‍රාථමික ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.කේ. එගොඩවෙල මහතාගේ අත්සනින් යුතුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසකට යොමුකළ ලිපියකින් මේ බව දන්වා තිබේ.
මේ අනුව උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022/02/07 සිට 2022/03/05 කාලසීමාවට අදාළව 2022/02/04 සිට 2022/03/06 දක්වා මෙසේ ප්‍රාථමික ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.
කෙසේ වෙතත් උසස්පෙළ විභාගය පැවැත්වීමට බාධාකාරී වන පාසලක් වේ නම් එම පාසල් විදුහල්පතිවිසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එම ලිපියේ දැක්වෙයි.
එවැනි පාසල්වලට නිවාඩු දීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය ඇති බවද එගොඩවෙල මහතා සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments