Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් වෙයි.

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ඊයේ (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති.  විශාල පිරිසකට රැකියා අහිමි විය.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිවරයා  ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා  දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන් කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.