Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව, මෙරට පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ  ක්‍රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහන බලගැන්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, දිවයින පුරා සියලු ම පළාත් නියෝජනය වන පරිදි හඳුනාගත් පාසල් 7,716ක  ප්‍රාථමික ශ්‍රේණි සිසුදරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී වියලි ආහාර ඇතුළත් පෝෂණ මලු බෙදාදීමේ වැඩසටහන් මාලාවෙහි  සමාරම්භක වැඩසටහන ඊයේ (15)  අධ්‍යාපන ලේකම්, එන් එච් එම් චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කලපලුවාව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ දී පැවැත්විණි.

දිවයින පුරා පාසල්වල 1-5 ශ්‍රේණි දරුවන් මිලියන 1.7කට ආසන්න පිරිසක් සිටින අතර, එම සිසුන්ගෙන් මිලියන 1.1 කට ආසන්න පිරිසක් මෙම පෝෂණ වැඩසටහනට ඇතුළත් ව සිටියි.  පාසල් පෝෂණ මලු රට පුරා දරුවන් වෙත බෙදාහැරීමේ ක්‍රියාවලියට සහාය වීම වෙනුවෙන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සමුපකාර අලෙවිකරුවන්ගේ සංගමය  අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටී.

විවිධ හේතු මත පාසල් දරුවන්ට මඟහැරී යන උදෑසන ආහාර වේල සහ ඒ හේතුවෙන් මතුවන පෝෂණ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන  980 ක් වැය කරන අතර, ලෝක ආහාර වැඩසටහන මගින්  රුපියල් මිලියන 80ක මූල්‍යාධාර ද ලබා දී ඇත.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්ගත ව සිටින සියලු පළාත්වල 1-5 ශ්‍රේණිවල මෙම වැඩසටහන යටතේ හඳුනාගත් පාසල් දරුවන්ට  පෝෂ්‍යදායී වියලි ආහාර ඇතුළත් මෙම පෝෂණ මලු බෙදාහැරීම සෞඛ්‍ය අංශවල පූර්ණ මගපෙන්වීම් යටතේ සිදුකරනු ලැබේ.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.