පාසල් අරම්භ කිරීම ගැන තීරණයක් නෑ
- 2021-06-05 13:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අදියර 4කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
මේ පිළිබදව අද කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පවතින කෝවිඩ් 19 වසංගතය පැතිරයාමේ නව තත්ත්වය හමුවේ මෙතෙක් පාසල් ආරම්භය පිළිබඳව තීන්දුවක් ගෙන නොමැති බවයි.
රට තුළ පවතින වසංගත තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සෞඛය අංශ ලබාදෙන නිර්දේශවලට අනුකූලව පාසල් ආරම්භය පිළිබඳව තීරණය ගන්නා බව ද ඒ මහතා සදහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම සෞඛ්‍ය බලධාරින් ද පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මූලිකත්වය ලබාදෙමින් ඉදිරියේ දී අදාළ තීන්දු තීරණ ගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments