පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් බදාදා
- 2021-05-10 14:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බවත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/05/09වන දින අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
මේ වනවිට ත් සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයට භාජනය කරමින් පාසල්, පෙරපාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ අඛණ්ඩ ව සාකච්ඡා කරන බව ත් උපකාරක පන්ති සම්බන්ධ තත්ත්වය ද එය ම බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
Reply To:
Name - Reply Comment
0 Comments