Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළඹෙන 11 වැනිදා සිට නැවත ආරම්භ කෙරෙන සෑම පාසලකම ගුරු දෙගුරු සමිති පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කර සිටියේ පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළු තවත් කරුණු එහිදී සාකච්ඡා කෙරෙන බවයි.

මීට අමතරව සෑම පාසලකටම සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු පත් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

දිනපතා සෞඛ්‍ය ආරක්ෂක පියවර ඒ පාසල තුළ ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම ඔහුගේ වගකීම වන අතර, එක් එක් පාසලේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනීමේ වගකීම විදුහල්පතිවරයා ප්‍රමුඛ කමිටුවකට භාර දී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

ඒ අනුව එම කමිටු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරයා, ග්‍රාම නිලධාරීවරයා, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා, පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු හා පාසලේ සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකුද පත් කළ යුතු වේ.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අවම වශයෙන් සති 02කට වරක් අදාළ කමිටුව විසින් සියලු සෞඛ්‍ය විධිවිධානවලට යටත්ව පාසල පරීක්ෂාවට ලක්කළ යුතු වන බවයි.

ඒ අනුව ඊට අවශ්‍ය උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.(WMDJBM)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.