පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ
- 2020-08-27 16:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරවක් වෙනුවට සහල් කැඳ වීදුරුවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාෙ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණය. අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතී. අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද පාසල් දරුවන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම ගැටළුවකි.
මෙම ගැටළු වලට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල් වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පෙන්වා දෙන ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම යෝජනාවට එකඟතාවය පළ කල අතර මෙම වැඩසටහනේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments