Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් නිල ඇඳුම් නියමිත කාලයේදී ලබාදෙන බවත් එම නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

වැල්ලවත්ත ලින්ඩිසේ බාලිකා විද්‍යාලය හා අනුබද්ධිත වෛශාඛ බාලිකා විද්‍යාලයේ පවත්නා පන්ති කාමර ඉඩ පහසුකම් ගැටලුවට පිළියමක් ඉදිකරන සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහි දී රැස් ව සිටි පිරිස අමතමින් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ පාසල්වල භෞතික සම්පත් වර්ධනයත් සමග ම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ද සුරැකිය යුතු බවයි.

පාසල් දරුවන්ගේ සතිමත්භාවය වර්ධනය කරන දෛනික ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් සිසුන්ගේ විනයගරුක භාවය හා මානසික ස්වස්ථතාව වර්ධනය කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නැංවීමට තමන් උත්සුක වූ බවත් එම සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.