Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පරිශ්‍රය  සුරක්ෂිත බවත්  දරුවන් පාසලට එවීමට කිසිදු බියක් සැකක් ඇති කරනොගන්නා ලෙස  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙමින් 20 දින පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උපුල් රෝහන මහතා මෙසේ ද පැවසිය.අපි දෙමාපියන්ට වගකිමේන් දැනුම් දෙනවා යම් සිදුවීමක් වුවහොත් ඊට අවශ්‍ය කඩිනම් පියවර ගන්න පාසල තුළ සහ පාසලින් පිට සියලුම සැලසුම්  ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව.

පාසල තුල දරුවාට අධ්‍යාපනය හැදෑරීමට  අවශ්‍ය මාර්ගෝපදේශ දරුවා නිවසින් පිටත් කර කරන්නේ කොහොමද, පාසල කරා පැමිණෙන ආකාරය, පාසල  තුළ කටයුතු කරන්නේ කොහොමද සහ සවස දරුවාව පාසලෙන් බැහැරව නිවසට ගෙන යන්නේ කොහොමද කියලා විධිමත් මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය   ඒකාබද්ධව නිකුත් කර තියෙන්නෙ.

ඒ මාර්ගෝපදේශයන් අනුව පාසල පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඒ වගේම අද පටන් ගන්න පාසල් සියල්ලම කොට්ඨාස භාර  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙ  අධීක්ෂණය කිරීමට නියමිතයි.

යම් අඩු අඩුපාඩුවක් මගඟහැරීමක් දැක්කොත් අපි ඒ සම්බන්ධව නිවැරදි කරන්න කටයුතු කරනවා.

 ඒ වගේම දරුවන් පාසලට එවන්න කිසිදු බියක් සැකක් ඇති කර ගන්න එපා මින් පෙර පාසල තුළ පොකුරු හෝ යම් ආසාදිතයන් වාර්තා වුණේ නැහැ.ඒ නිසා ඔබ දරුවා  එවන්නේ  සුරක්ෂිත පාසලකට.

ජනතාව සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම ඉතාම දුර්වල මට්ටමක පවතිනවා.නුවරඑළිය, ගාල්ල ,මාතර , හම්බන්තොට,  යාපනය,අනුරාධපුරය  යන ප්‍රදේශවලට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් ජනතාව කටයුතු කරන බවට පැමිණිලි රාශියක් පැමිණ තිබෙනවා.

ඉදිරියේදී මෙම සංචාරණ සීමා කොතරම් දුරට ලිහිල් වෙනවා ද යන්න තීරණය වෙන්නේ ජනතාව සෞඛ්‍ය නීතිරීති කොතරම් දුරට පවත්වාගෙන යන්නේ ද යන්න  පදනම මතයි.

ඒ හේතුවෙන් ජනතාව සිය වගකීම් නිසියාකාරව ඉටු  නොකළොත් වසංගත පාලනය කිරීමට නොහැකිවන බව ‍ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.