Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පෙළපොත් නිසි කල සිසුන්වෙත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර එම පෙළපොත්වලින් 45%ක් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද, 55%ක් පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ද ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.  ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වනවිට මුද්‍රණ ඇණවුම් බාර දී ගිවිසුම් අත්සන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති අතර පෙළපොත් මුද්‍රණ කටයුතු සිදු කරමින් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී ගිවිසුම්ගත මුදලින් 20%ක අත්තිකාරම් මුදල පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇති බවත් මෙම අත්තිකාරම් මුදලින් 50%ක පමණ ප්‍රමාණයක් 2022 වර්ෂයේ ප්‍රතිපාදන මඟින් ඉල්ලුම් කරන ලද මුද්‍රණාල වෙත ලබාදීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මුද්‍රණය අවසන් කළ පෙළපොත් පෞද්ගලික මුද්‍රණාල කිහිපයකින් ම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති බවත්  මුද්‍රණය කරන ලද තවත් පෙළපොත් තවදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගබඩාවට ලැබෙමින් පවතින බවත් අමාත්‍යාංශය පවසයි.

ඉතිරි අත්තිකාරම් සඳහා අත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඉන් කොටසක් ලබාදීමට මහා භාණ්ඩාරගාරය එකඟතාව පළ කර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉදිරි සතිය තුළ දී දැනට බිල්පත් ඉදිරිපත් කර ඇති මුද්‍රණාලවල බිල්පත් සඳහාත්, අත්තිකාරම් මුදල්වලින් මුද්‍රණාල සඳහා ගෙවීමට ඉතිරි වී ඇති කොටස සඳහාත් මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත. පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.