පාසල් යළි ආරම්භකිරීමට අවධානය
- 2021-09-23 15:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
පාසල් යළි ආරම්භකිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබුණි.
එම මාර්ගෝපදේශවලට අනුව පාසල් විවෘත කිරීම පිළිබඳව කටයුතු සැලසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
මේ අතර පාසල් යළි ආරම්භකිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments