පාසල් සිසුන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශන වැඩමුලු මාලාවක් දිවයින පුරා

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 05:30 - {{hitsCtrl.values.hits}}  

ජාතික තරුණ සේවා සභාවේ වෘත්තිය මාර්ගෝපදේශන අංශය යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථා මගින් පාසල් ආශ්‍රිතව සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන සේවාවන් වඩාත් පුළුල් කිරීම සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කර ඇත.
 
ඒ අනුව මේ වන විට උසස් පෙළ හදාරණ පාසල් සිසුන් 800 ක් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල දිස්ත්‍රික්කයන්හි වෘත්තීය මාර්ගෝපදේශන නිළධාරීගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවති. 
 
ජිවිතයේ අරමුණු හා ඉලක්ක ජය ගන්නේ කෙසේද? යන්න පිළිබඳ දැනුවත් කිරිම් මෙම  වැඩමුළු  තුළ අන්තර්ගත බවද මෙහි දී මෙම වැඩසටහන හම්බන්තොට හා බදුල්ල දිස්ත්‍රික්කවල උසස් පෙළ සිසුන් සදහා ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ විභාග අභියෝග ජය ගැනීම සදහා සමාන්‍ය පෙළ සිසුන්ද සහභාගි කර ගැනීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්ය‍ක්ෂ ජනරාල් ගාමිණී වික්‍රමපාල මහතා ප්‍රකාශ කරයි.
 
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන හා පුහුණු) රෂිත දෙළපොල, ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී  වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල යන මහත්වරුන් ද මෙහි සම්පත් දායකත්වය ලබා දෙනු ඇත.
 
01 හම්බන්තොට - 2023/03/10දෙබරවැව ජාතික පාසල - තිස්සමහාරාමය
02 බදුල්ල    - 2023/03/16බදුල්ල මධ්ය  මහා විද්යාරලය - බදුල්ල 
03 අනුරාධපුර    - 2023/03/20යොවුන් නිකේතනය - අනුරාධපුර
දින පොත