පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක්
- 2022-09-15 00:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ පවතින ආර් ථික අර් බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේලක් ලබා දෙන බව කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර් ම සංවිධානයේ ඇමරිකානු ඩොලර් මිලියන 27ක ආධාර යටතේ පාසල් දරුවන් සඳහා පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර් ම අමාත්‍යාංශය සැලසුම වී තිබේ.
කෘෂිකර් ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර් ධන මණ්ඩලය ඒකාබද්ධව පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සදහා ෆෝලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර සමබල බත්වේලක් මෙම දිවා ආහාරය සඳහා ලබා දීමට නියමිතය.
පාසල් දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර වේල සඳහා දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 82ක් ලෙස ගණන් බලා ඇති අතර එම සහල් ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය මගින් ලබා දීමට ද කෘෂිකර් ම අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.
බත් වේල ලබා දෙන සියලුම දරුවන්ට දිනකට බිත්තරයක් බැගින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම වැඩ පිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.
Reply To:
Name - Reply Comment
0 Comments