Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාන්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බළකා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේදි ජනපතිවරයා මේ බව පැවැසීය.

එසේම අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණවන පරිදි සිදු කෙරුණු වයස අවුරදු 30ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා  සිය ප්‍රශංසාව පළ කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.