පාසල්වල අතිරේක ක්‍රියාකාරකම් නවත්වයි
- 2021-02-16 11:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන කටයුතු හැර පාසල්වල පවත්වන සෙසු ක්‍රියාකාරකම්, වැඩසටහන්, උත්සව යනාදීය තාවකාලිකව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කලාප අධ්‍යාපන නිලධාරීන්ගේ මාර්ගයෙන් පාසල්වලට මෙම දැනුම්දීම කර ඇත.
ශ්‍රී ලංකාවට බලපා ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්වය පැවතියදී පවා ඇතැම් පාසල්වල විවිධ උත්සව සහ බාහිර ක්‍රියාකාරකම් පවතින බවට අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
සිසුන් සහ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ සියලුම පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකීම අතිශය වැදගත් බවත්, ඒ වෙනුවෙන් වගකීම් සහිතව ක්‍රියකාරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ වනවිටත් සංවිධානය කර ඇති එවැනි වැඩසටහන් ඇත්නම් ඒවා නවතා දැමීමට පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments