පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව සහ වැඩසටහන්
- 2021-02-19 12:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම හා බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා සිසුන් සහභාගී කරවීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් තහනම් කර ඇත.
එසේ වුව ද පාසල තුළ සංවිධානය කෙරෙන විෂය සමගාමී වැඩසටහන් (කථික තරඟ, විවාද තරඟ, රුක් රෝපණ වැඩසටහන් වැනි) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශිත ක්‍රීඩා ඉසව්, සිසු ආකල්ප හා කුසලතා සංවර්ධනය සඳහා සිසුන් විශාල වශයෙන් එක් රැස් නොකරමින් සිදු කරන වැඩසටහන්, පාසල් සංවර්ධනය උදෙසා පැවැත්වෙන නිල රාජ්‍ය උත්සව හා දූරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය වත් පිළිවෙත්වලට අනුකූල ව සංවිධානය කළ හැකි වැඩසටහන් සම්බන්ධයෙන් ඉහත තහනම වලංගු නොවේ.
Reply To:
Name - Reply Comment
0 Comments