පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භයට උපදෙස්
- 2020-08-19 16:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකිනම් හා ප්‍රමාණවත් පන්ති කමාර, ගුරුවරුන් ඇත්නම් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට මේ අවස්ථාව තිබේ.
මේ පිළිබඳව පළත් ප්‍රධාන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, පරිවේනාධිපතිවරුන්ට, විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Reply To:
Name - Reply Comment
0 Comments