පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය
- 2020-07-25 21:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.
ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.
පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා කීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිඟය පියවීමටත් පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.
ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත මාරු කරන මෙන් මහා සංඝරත්නය කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නැයි ජනාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments