පෙරපාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර නෑ
- 2021-11-22 08:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙරපාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අවසර ලබාදී නොමැති බවත්, ඒ අනුව ඒ සඳහා දරුවන් සූදානම් නොකරන ලෙසත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා නයනා ද සිල්වා මහත්මිය සියලු පෙරපාසල් පාලිකාවන්ගෙන් ඉල්ලා සිටියාය.
ඒ මහත්මිය පෙන්වා දුන්නේ, විවිධ ප්‍රසංග සඳහා පුහුණුවීමේදී දරුවන් තුළ කෝවිඩ් ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.
එසේම දරුවන් මුව ආවරණ නොපැලඳ පෙරපාසල් තුළ සිටීම මේ වනවිට ගැටලුවක්වී ඇති බවත්, ඒ අනුව නිවැරදි ලෙස මුව ආවරණ රඳා පවතින ආකාරයට එය ක්‍රමවත්ව දරුවන්ට පැලඳවීමට වැඩිහිටියන් අවධානය යොමුකළ යුතු වන බවත් අධ්‍යක්‍ෂවරිය අවධාරණය කළාය.
එසේම ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක පෙරපාසල් දරුවන් 93,000කට උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනද සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහත්මිය පවසා සිටියාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (22දා) පැවති කෝවිඩ්මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යක්‍ෂවරිය මේ බව පැවසුවාය
Reply To:
Name - Reply Comment
0 Comments