පේරේ සිසුන්ට පාට් ටයිම් ජොබ්
- 2022-09-15 00:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ.
මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350 ක ගෙවීමක් කිරීමට ද නියමිතය.
සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ථ කාලීන රැකියා පත්වීම ලබා දීමට නියමිත බව උපකුලපති එම්. ඩී. ළමා වංශ මහතා පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගැන ක්‍රියා කොට තිබේ.
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සිසුන්ගෙ විශාල උනන්දුවක් තිබෙන බවත් මේ වන විටත් ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු සිදුකිරීමට නියමිතය.
රට තුළ පැන නැගී තිබෙන සමාජ හා ආර්ථික අර්බුදය හමුවේ සිසුදරුවන් විශාල ආතති තත්වයකට පත්ව තිබෙන බවත් නව වැඩපිළිවෙළ යටතේ සිසුන්ට යම් ආදායමක් ලැබෙන අතරම සිසුන් තුළ ඇති ඒකාකාරී බවෙන් මිදීම සඳහා මෙය මහඟු පිටුවහලක් වනු ඇති බව ද පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති එම්. ඩී. ළමාවංශ මහතා පැවසිය.
ෂේන් සෙනෙවිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments