පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමියක් වෙයි
- 2020-12-23 22:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව එම සන්නස්පත්‍ර ප්‍රදාන උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගේ විහාරය, උත්තරාරාමයේදී පසුගියදා සිදුකෙරුණි.
එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන් වෙත සන්නස්පත්‍රය ප්‍රදානය කර ඇත.
බුදුදහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජනසමාජයක් බිහිකිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිතකොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට්පත්‍රය මගින් පූජා භූමියක් ලෙස මෙලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments