පෝෂණය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක්
- 2022-10-08 11:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සඳහා පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.
රට තුළ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවක දී මෙම පියවර ගැනිණි. අදාළ කාර්ය සාධක බලකාය සඳහා සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය. මෙයට සමගාමීව 2022 - 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කෙරේ.
මෙහි මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ දිවයිනේ එක් පළාතක් තෝරා ගනිමින් අදාල පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.
පෝෂණ මාසය (ඔක්තෝම්බර්)මේ වන විට ආරම්භ කර ඇති හෙයින් ඒ සඳහා වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ. රෝහල්හි ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද අවධානය යොමු කරමින් කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කිරීමට ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙම වැඩපිළිවෙළට සමගාමීව දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් හරහා අවශ්‍යතා සහිත පවුල් හඳුනා ගනිමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් කාර්යක්ෂම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් ,එහි දී මේ හා සම්බන්ධ කෘෂිකර්ම , වෙළඳ, අධ්‍යාපන හා ධීවර ඇතුළු අනෙකුත් අමාත්‍යාංශයන්හි ඒ්කාබද්ධතාවය ලබාගැනීමටත් තීරණය විය.
ගෝලීය කොවිඩ් ව්‍යසනය තුළ සෞඛ්‍ය සේවාවේ සෑම පිරිසක්ම තරාතිරම නොබලා එය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා ඒ වෙනුවෙන් කැපවූ බවත් වත්මන් අභියෝගය ද එවැනිම භාරදූර වගකීමක් බැවින් එය ක්‍රියාත්මක කිරීම සඳහාද සෞඛ්‍ය සේවාවේ සියලු පිරිස් එක්ව කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments