බස්නාහිර පාසල්වලින් කොටසක් 15 වැනිදා විවෘත කරන්න යයි
- 2021-01-25 14:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ හුදෙකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල්වල හැර සෙසු පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හෙට (25) සිට පාසල් විවෘත කෙරෙන බව කී ඇමතිවරයා සෙසු ශ්‍රේණිවල සිසුන්ට ද ලබන 15 වැනිදා සිට ක්‍රමයෙන් පාසල් විවෘත කරන බව සඳහන් කළේය.
ඒ අනුව එම පළාතේ ඇති පාසල් 1,576 ක ප්‍රමාණය අතුරින් පාසල් 900 ක පමණ අධ්‍යාපන කටයුතු ලබන මස 15 වැනිදා වන විට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1 වැනිදා සිට 11 වැනිදා තෙක් පැවැත්වෙන අතර බස්නාහිර පළාතේ සිසු සිසුවියන් 79,000ක් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තිබූ කාලයේදී මග හැරී ගිය එම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් අද සිට ඔවුන්ට පාසල් විවෘත කෙරෙන බව ද ඇමතිවරයා කීවේය.
ඉන්පසු සෞඛ්‍ය අංශවල උපදෙස් හා මාර්ගෝපදේශ යටතේ ලබන 15 වැනිදා සිට බස්නාහිර පළාතේ පාසල් සෙසු ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ද විවෘත කෙරෙන බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
(ඩයනා උදයංගනී- Lankadeepa news)
Reply To:
Name - Reply Comment
0 Comments