Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්‍රලේඛණයනිකුත් කළ බවත්, ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශ කරන ලදි.

 “උපකාරක පන්ති පැවැත්විම උදෙසා අවශ්‍ය චක්‍රලේඛණය නිකුත් කරා. එම චක්‍ර ලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මස 25 දින සිට අවසර ලබාදී තිබෙනවා. උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ ඉදගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100 ක් දක්වා පමණයි.

මෙම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අනතුරුව රටේ පවතින තත්ත්වයත් සමග අනෙකුත් උපකාරක පන්ති විවෘත කළ හැකියි. උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරිම යන ක්‍රියාවලින්ට අදාල මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ සියළු දේ චක්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා.

මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත් කොවිඩ් රෝගීන් යම් යම් ස්ථාන වලින් වාර්තා වන අවස්ථාක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ. එබැවින් උපකාරක පන්ති වෛරසය පැතිරීමේ අවධානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම සියළු දෙනාගේ වගකීමක් වනවා. උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නැහැ. එම දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ.”

බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වන බවත්, බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමට දැනට තීන්දු කර බවත්, මේ සියළු දේ තීරණය කිරීමේ  හැකියාව පවතින්නේ රටේ පවතින තත්ත්වයත් අනුව බවත් පැවැසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කිසි ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කොට තිබේ නම් එම පළාතේ තිබෙන උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද වැඩිදුරටත් පැවැසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.