Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, නගර සභා ඇතුළු සියලු ම පළාත් පාලන ආයතන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සෞඛ්‍යාරක්ෂිත ව සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යවරිය රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ, විජිත් බේරුගොඩ සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලය විශේෂයෙන් ම රට වටා විභාග මධ්‍යස්ථානවලට පෞද්ගලිකව ම ගොස් පරීක්ෂා කළ බවද ඔහු පැවැසීය.

සියලු දෙනාගේ ම දැඩි කැපවීම සහ උත්සහය මත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථක ව පවත්වාගෙන යාමට හැකිවෙන බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූවෙ මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ සැකසෙමින් පවතින 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානය පරීක්ෂා කිරිම සඳහා සහභාගී වෙමිනි.

“මේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්ධව බලාපොරොත්තු තබාගෙන සිටියා. විභාගය කල් දැමීමෙන් සිදු වන්නේ ඒ දරුවන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන් ම බිඳ දැමීම. ඒ නිසා ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ ඒ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන් ම රාජ්‍ය නිලධාරීන්ගේ ද කැපවීම මත මේ කටයුත්ත සැලසුම් කරන්නට අපිට හැකියාව ලැබුණා.

මේ පවතින සෞඛ්‍ය ගැටලු හමුවේ මෙවැනි විභාගයක් පැවැත්වීම රජයක් වශයෙන් දැඩි අභියෝගයක්. නමුත් සියලු සෞඛ්‍ය විධිවිධානවලට අනුකූල වෙමින් සහ මහජන ආරක්ෂාවට කිසිදු හානියක් සිදු නොවන පරිදි මේ වැඩකටයුතු සංවිධානය කරන්නට අපට හැකියාව ලැබුණා. ඒ සියලු දෙනාට ස්තූතිය පුද කරන්නට ත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

එමෙන් ම දුම්රිය, බස් ආදී ප්‍රවාහන කටයුතු ද ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට අදාළ ව විශේෂිත විධිවිධාන අප යොදා තිබෙනවා. ඒ අයට එම ප්‍රදේශවල ම විභාගවලට පෙනී සිටින්නට පුළුවන්. එමෙන් ම සිසුන් අතර මීටර් 1 ½ක පරතරයක් තබා ආසන සකසා තිබෙනවා. අවශ්‍ය සියලු සෞඛ්‍ය විධිවිධාන ගැටලුවකින් තොර ව සැලසුම් කොට තිබෙනවා. මේ සම්බන්ධ ව දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට ම ස්තූතිවන්ත වෙනවා”

මේ අවස්ථාව සඳහා විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නලීන් ගම්ලත් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්වරුන් පිරිසක් ද එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.