බෝගල ග්‍රැෆයිට් සමාගමෙන් නව රසායනිකයක්
- 2023-02-21 15:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩ නැඟීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට සදහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.
බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන GRAPHENE OXIDE රසායනිකය අද (21) පෙරවරුවේ තාක්ෂණ අමාත්‍යාංශයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේදී හෙතෙම මේ බව කීය. බෝගල GRAPHITE සමාගමේ පාලනාධිකාරිය විසින් GRAPHENE OXIDE රසායනිකය කනක හේරත් මහතාට, හඳුන්වා දුන් අතර එම රසායනිකය යොදා සිදුකරන පර්යේෂණ නිෂ්පාදන සම්බන්ධයෙන්ද දැනුවත් කෙරිණි.
GRAPHENE OXIDE රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේදී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකි බව එම සමාගම පෙන්වා දෙයි. දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක උවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබව බෝගල GRAPHITE සමාගම පෙන්වා දෙයි.
GRAPHENE OXIDE රසායනිකය, GRAPHENE රසායනිකයට පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයකි. GRAPHENE යකඩ මෙන් දෙසීය ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයකි. එම රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට නොහැකිය.
එහෙත් බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන්නේ GRAPHENE OXIDE රසායනිකය වේ. එම රසායනිකයේ විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීමය. එමෙන්ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේදී එහි ශක්තිය වැඩි කිරීමටද යොදා ගත හැකි බව බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දේ.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ මෙවැනි නව නිපැයුම්කරුවන් ජාත්‍යන්තරයට හඳුන්වා දීමේ අවස්ථාව මේ වසර තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙන INDUSTRY 4.0 සහ 5.0 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී හැකිවන බවයි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අපේක්ෂාව වී ඇත්තේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා රට මෙහෙය වීමයි. මෙවැනි නව පර්යේෂණ හා නිෂ්පාදන ඒ සඳහා ගුණාත්මක ඉදිරි පියවරක් බව ද කනක හේරත් මහතා පැවසීය.
බෝගල GRAPHITE සමාගමේ නව හඳුන්වා දීම සම්බන්ධයෙන් එම ආයතනයට ප්‍රසාදය පලකළ කනක හේරත් මහතා, මෙය ඉතා වැදගත් පර්යේෂණයක ප්‍රතිඵලයක් බැවින් ඉදිරියේදී මෙරට සිමෙන්ති නිෂ්පාදනයයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත් උසස් වටිනා කමක් සහිතව නිපදවීමට අවස්ථාව උදා වන බව ද කීය.
Reply To:
Name - Reply Comment
0 Comments