බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ගැටළුවලට විසඳුම්
- 2020-09-09 10:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් මෙම කමිටු වාර්තාවේ ඇතුළත් කොට ඇත.
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම පත්කිරීම් ආදිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අක්‍රමිකතා සහ චෝදනා සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත්, කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ප්‍රකාරව ඉදිරියේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනයකර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විසින් කලින් කල සංශෝධනය කරන විෂයමාලාව විෂයභාර අමාත්‍යාංශයේ පුහුණු අධීක්ෂණය යටතට පත්කොට පනතේ අරමුණු ඉටු වන අයුරින් සංශෝධනය වී ඇත්දැයි සොයාබැලීමට සහ, අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දීම ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.
කමිටුව විසින් පෙන්වාදී ඇති කරුණු ගැඹුරින් නිරීක්ෂණයට ලක් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා තත්ත්වයට ස්ථාවර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව ඊට අදාළ අණපනත්, විධිවිධාන සහ ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට තමා සූදානම් බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මෙම කමිටුවේ සභාපති, රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නායක හිමියන් ඇතුළු, කමිටු සමාජිකත්වය දරන සම්මානිත මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම අනුනායක හිමි, විශ්‍රාමික මහාචාර්ය කුඹුල් ලේ සීලක්කන්ධ නාහිමි, විශ්‍රාමික මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමි සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments