Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි කරන එක් ජාතික විශ්වවිද්‍යාලයක් මගින් සිව් වසරක් තුළ උපාධිධාරීන් බිහි කෙරෙන බවත් උසස් පෙළ ඉසඩ්ස්කෝ පළමු වටයෙන් ම විෂය අනුව පවත්නා පුරප්පාඩු මත උපාධි අපේක්ෂකයන් බඳවාගන්නා බවත් අධ්‍යයන වර්ෂ තුනකට පසු අවසන් වසරේ දී ඉගැන්වීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ගුණාත්මක භාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරය වෙත යැවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී පැවසී ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කමිටු රැස්වීමක් අමතමිනි. ජාතික මට්ටමෙන් සැලසුම් කර ඇති ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමින් සහයෝගය ලබා ගැනීමත් පළාත් මට්ටමින් අධ්‍යාපනය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන පැවති මෙම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන අතර එම ජාතික ප්‍රතිපත්ති පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන බවත් ජාතික හා පළාත් වශයෙන් මනා සබැඳියාවක් සහිත ව මෙම කටයුතු සිදු විය යුතු බවත් පැවසී ය.

දිවයිනේ පාසල් කිහිපයක් පමණක් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කළ ද රටක් ලෙස ඉන් සෑහීමකට පත් විය නොහැකි බවත් සුදුසු ගුරුවරුන් ඇතුළු අවශ්‍ය මානව හා භෞතික සම්පත් සැපයීම ඔස්සේ රටේ සමස්ත පාසල් පද්ධතිය ම නගාසිටුවමින් අධ්‍යාපනයේ සම අවස්ථා සෑම දරුවකුට ම ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මුඛ්‍ය අරමුණ බවත් පැවසූ අමාත්‍යවරයා මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන        ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කළ ද මේ වන විට එය ප්‍රමාණවත් නොවන බැවින් යුනෙස්කෝ සංවිධානය විසින් සාමාජික රටවල් 195කට ලබා දී තිබෙන පණිවිඩයට ද   අනුකූල වන ලෙස පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් දක්වා එම ප්‍රතිසංස්කරණ ගෙන යා යුතු ව තිබෙන බවත් මෙහි දී සඳහන් කළේ ය.

පාසල් නිල ඇඳුම් ලබා දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ අවශ්‍ය නිල ඇඳුම්වලින් 70%ක් ලබා දීමට එකඟ වී සිටින චීන රජය එහි පළමු තොගය මේ වන විටත් එවා ඇති අතර දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සපයන ඉතිරි 30% දැන් නිම කෙරෙමින් පවතින බවත් බෙදාහැරීමේ කටයුතු සිදු කර මාර්තු 15 වන විට සිසුන් අතට නිල ඇඳුම් පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ය.

 

                                                

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.