Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේ දී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධ ව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමට ද සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද පැවසූ ඒ මහතා කෙටිකලක් තුළ සිදු කෙරෙන මේ කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා දරුවන් උනන්දු කරවීම දෙමාපිය යුතුකම බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක් ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර පදානය කිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී  පැවති වැඩසටහනකට එක් වෙමිනි.

මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණයට, විශ්ලේෂණයට හා ප්‍රතිකාර දීමට මෙන් ම ආර්ථික වර්ධනයට ද භෞතික විද්‍යා විෂය දක්වන දායකත්වය ඉස්මතු කර දැක්වූ අමාත්‍යවරයා පාසල් මට්ටමින් පවත්වන ඔලිම්පියාඩ් ජාතික වැඩසටහන භෞතික විද්‍යා විෂය ප්‍රවර්ධනය කිරීමට මනා පිටුබලයක් වන බව ද පැවසී ය. එමෙන් ම ජාත්‍යන්තර තලයේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ විද්‍යා විෂය සංවර්ධනයට පමණක් නොව තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, ගණිතය වැනි අනෙකුත් විෂය ප්‍රවර්ධනයට ද වැඩසටහන් ලබන 31 සිට ආරම්භ කරන බවත් එමගින් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය දිවයිනේ ප්‍රචලිත කර එය ජාතික ආර්ථික වර්ධනය සඳහා මුසු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.