Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට  මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කෘත්‍රීම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බවත් තොරතුරු තාක්ෂණ විෂයත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ දෙවන වරටත් කොළඹදී පැවත්වූ හුආවේ    (්‍Huawei) තොරතුරු තාක්ෂණ (ICT) තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයට එක් වෙමින්ය.
 
එමෙන් ම මෙරට තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණ වැඩිදියුණුවත් සමග බැවින් ඒ සඳහා අවකාශ විවර වන පරිදි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූල ව ඉහළ නැංවිය යුතු බවත් උසස් අධ්‍යාපනය තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර පාඨමාලා වැඩි කළ යුතු බවත් ඊට අවස්ථාව සැලසෙන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට විද්‍යා ගණිත ගුරුවරුන් ප්‍රමාණවත් ලෙස ලබා දිය යුතු බවත් පාසල් පොකුරු හෙවත් පාසල් පර්ෂද සංකල්පය මනා සම්පත් කළමනාකරණයක් යටතේ ඊට පාදක කරගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

අප හා සම මට්ටමේ රටවල් මේ වන විට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 10ක් පමණ අපට වඩා ඉදිරියෙන් සිටින අතර 21 වන සියවසේ 3 වන දශකයේ සිට ආපසු 20 වෙනි සියවසට අපට යා නොහැකි නිසා ඉදිරි වසර පහේ දී අනිවාර්ය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් කරා යෑමේ ඉලක්කය අප සපුරා ගත යුතු බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.