Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

  • දීර්ඝ කාලීන රෝගබාධවලින් පෙළෙන වයස අවුරුදු 12 -19 කාණ්ඩයේ දරුවන්ට ප්‍රමුඛතාවය...
  • එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලෙන් හෙට (24) සිට...
  • එන්නත ලබා දෙන සෑම දරුවෙක්ම ළමා හා කායික රෝග විශේෂඥ
    වෛද්‍ය අධීක්ෂණයට...
  • එන්නත්කරණය රෝහල් තුළදී පමණයි...
  • එන්න්තකරණය පිළිබඳ තහවුරුකරගත් තොරතුරු පමණක්
    ප්‍රචාරය කරන්න ...ගැටළු ඇත්නම් විශේෂඥයන් අමතන්න ...

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.

ලෝකයේ සහ අපේ රටේ විශේෂඥ කමිටුවල නිර්දේශ සහිතව එන්නත්කරණය සිදුකෙරෙන අතර ඒ පිළිබඳව අනියත බියකින් තොරව නිවැරදි අවබෝධය සහ උනන්දුව තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ලෙස ද ඔවුහු දන්වති.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද (23) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය.  “දරුවන් එන්නත්කරණය” අද සාකච්ඡාවේ තේමාව විය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හෙට (24) සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ කෙරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය. ඒ අනුව දියවැඩියාව, ස්නායු රෝග, වකුගඩු රෝගය, හෘද රෝග, තැලසීමියාව හා මුත්‍රා සහ ආහාර මාර්ගයේ රෝග ඇතුළු නිදන්ගත රෝග වලින් පෙළෙන දරුවන් ඒ සඳහා යොමු කරන ලෙස ඒ මහතා දෙමාපියන්ට දැන්වීය. ඔවුන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණිමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ සහිතව දෙමාපියන්ගේ ද අවසරය ඇතිව එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

මීට සමගාමීව ඉදිරි දිනවලදී සියලුම පළාත්, දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව සකස් කොට අවසන් බව ද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.

දරුවන් එන්නත්කරණය වයස් කාණ්ඩ තුනක් යටතේ සිදු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 12 -19 අතර සංජනනීය දරුවන් සඳහා පළමුව එන්නත්කරණය සිදුකෙරේ. වයස අවුරුදු 15 – 19 කාණ්ඩයේ නිරෝගී දරුවන් සඳහා ඉදිරියේ දී එන්නත්කරණය සිදු කෙරෙන අතර වයස අවුරුදු 12 – 15 දරුවන් එන්නත්කරණයට විශේෂඥ නිර්දේශ ලැබුණු වහාම කටයුතු කරන බව ද වෛද්‍යවරු කියා සිටියහ.

එන්නත්කරණයෙන් පසුවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ වෛද්‍ය කණ්ඩායමක් විසින් දරුවන්ගේ සංකූලතා පිළිබඳව විමසිලිමත් වන බවත්, නිවෙස්වලදී යම් සංකූලතාවක් ඇති වුවහොත් උපදෙස් ලබාගැනීම සඳහා සෘජු දුරකථන අංකයක් හඳුන්වාදෙන  බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව  අනාවරණය කෙරිණ.

එන්නත්කරණය පිළිබඳව විශේෂඥයන් නොවන පිරිස් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ පිළිබඳ කණගාටුව පළ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් එන්නත්කරණය පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රචාරණයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ඊට සම්බන්ධ ආයතන, විශේෂ සේවා සපයන විශේෂඥයන්ගෙන් තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ඒවා ප්‍රචාරය කරන ලෙසයි.

වෛරසයට වඩා වේගයෙන් මිත්‍යා මත පැතිර යාම බරපතළ හානියක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දරුවන් එන්නත්කරණය අපේ සමාජයේ ඉතා සංවේදී කරුණක් බැවින් එහිදී වෛද්‍යවරුන් සේම මාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බව  පැවසීය.

මාර්ගගත අධ්‍යාපනය තුළින් දරුවාගේ බාහිර කුසලතා වර්ධනයට බරපතළ බාධාවක් සිදුවෙන බව පෙන්වා දුන් ළමා රෝග විශේෂඥ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පාසල් ආරම්භ කළ ද සංජනනීය දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වන බවත්, ඉන් දරුවන්ට අධ්‍යාපනයට ඇති සම අවස්ථා අහිමි වීම එන්නත්කරණය තුළින් වළක්වා ගත හැකි බවත් කියා සිටියේය.

දරුවන් එන්නත්කරණය පිළිබඳව ලෝකයේ අනිකුත් රටවල ආදර්ශයන් ඇත්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නොර්වේ, එංගලන්තය වැනි රටවල් මේ වනවිටත් මෙම වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ලක්කර ඇති බවයි.

දකුණු ආසියාවේ දියුණු සෞඛ්‍ය පද්ධතියක් සහිත ශ්‍රී ලංකාව එන්නත්කරණයෙහි විශේෂ පළපුරුද්දක් ඇති බැවින්, බියකින් සහ සැකයකින් තොරව එන්නත්කරණයට යොමුවන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.