මී උණ සුවකළ හැකියි
- 2022-12-05 10:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මී උණ රෝගීන්ගෙන් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් 95෴ක්ම සම්පූර්ණයෙන්ම සුවවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මී උණ රෝගය බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයක් බවත්,මීයන්, ගවයන්, මී ගවයන් වැනි ක්ෂීරපායී සතුන්ගේ මුත්රාය පද්ධතියේ ජීවත් වන බැක්ටීරියාවක් මුත්රා මගින් ජලයට මුසු වී එම ජලය මිනිසුන්ට ශරීරගත වීමෙන් මෙම රෝගය වැලඳීමේ අවදානමක් පවතින බවත්වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙයි.
මී උණ රෝගය සාමාන වෛරස්, ඩෙංගු සහ විෂබීජ මගින් ඇතිවන රෝග ලක්ෂණ මෙන්ම උණ, හිසරදය, ශරීරයේ වේදනාව, මස්පිඬු වේදනාව වැනි රෝග ලක්ෂණවලින් ආරම්භ වන බවද එම අංශය කියයි.
මෙම රෝගයට විශේෂිත වූ ඇතැම් ලක්ෂණ ලෙස කලක් ගතවන විට ඇස් කහ වීම, රතුවීම, මුත්රා අඩුවීම, මුත්රාක නොයෑම වැනි රෝග ලක්ෂණ මතුවිය එම අංශය කියයි.
දින තුනකට වඩා උණ පවතී නම්වෛද්යෂවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බවත්, ගොවි මහතුන්ට කුඹුරට බැසීමට සතියකට පෙර ලබාදෙන ප්රොවපිලැක්සීස් ඖෂධය නියමිත පරිදි ලබාගැනීමෙන් මී උණ රෝගය වැලඳීම වළක්වාගත හැකි බවත්මෙම ප්‍රතිඔක්ෂීජීවික ඖෂධය වෛද්යන උපදෙස් මත ලබාගත යුතු බවත්, ප්‍රෙද්ශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්යව වෛද්‍ය නිලධාරීවරයා හරහා එම උපදෙස් ලබාගත හැකිබවත් එහිදීනොමිලේ ප්‍රතිකාර ලබාදෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයසඳහන් කරයි
මෙම පෙති නොමිලේ රජය විසින් සෞඛ්ය් වෛද්යව නිලධාරී කාර් යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා බෙදාදෙන බවත්,බොහෝ අවස්ථාවල කන්න රැස්වීම්වලදී ගොවි මහත්වරුන්ට මෙම ඖෂධය බෙදාදීම සිදුවන බවත්වසංගත රෝග විද්යාීඅංශය සඳහන් කරයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments