යුද්ධය නිමාවී වසර 13කට පසු කල්කුඩාවට සිංහල පාසලක්
- 2022-03-24 14:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේදී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24දා) කල්කුඩා ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය ලෙස නම්කරන ලද මෙම විදුහල සඳහා ගම්මාන කීපයක සිසුන් විසිපස් දෙනෙකු ඇතුලත් කරගත් අතර වසර 30 ක යුද්ධය පැවති කාලයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දාහතක් වැසී ගොස් තිබිණි.
මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති අතර මෙම උත්සවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රීක්කයේ දහම් ප්‍රබෝධය පැතිරීම සඳහා දමිල දරුවකු ඇතුළු සිව් දෙනෙකු සසුන් ගත කිරීමට ද කටයුතු කළහ.
පැවති කුරිරු යුද්ධයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටි සියලු සිංහල ජනතාව දකුණු පළාත දක්වා ගමන් කළ බවත්, යුද්ධය අවසානයෙන් පසු පවුල් දෙසීයක් පමණ මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණියද අධ්‍යාපන අයිතිවාසිකම් එම් පවුල් වලට නොතිබුණ අතර පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතීන්ගේ දායකත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරම්භ වු මෙම පළමු සිංහල විද්‍යාලය ඉතිහාසගත වන විද්‍යාලයක් වන බව මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මන්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන් සඳහන් කළහ.
මෙහිදි උත්සව සභාව අමතමින් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සෙසු ජාතින්ට මෙන්ම සිංහල ජනතාවටද සමාන අයිතිවාසිකම් සහ අධ්‍යාපනයේ අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමහර දේශපාලනඥයින් බෙදුම්වාදය ඇති කිරිිමෙන් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එය දේශපාලන වාසි උදෙසා සිදුකරන බවත්, පළාතේ ජීවත් වෙන සියලු ජනතාවට සමානාත්මතාවය හිමිවන පරිදි කටයුතු කළ යුතු බවද යහම්පත් මහත්මිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට, පරිත්‍යාගශීලීන්, දානපතීන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.
මනම්පිටිය නිමල් ජයරත්න
Reply To:
Name - Reply Comment
0 Comments