රජ දවසින් පසුව ඉදිවන විශාලම පිච්ච මල් උයන
- 2022-02-27 10:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජ දවසින් පසුව මෙරට ඉදි කරන විශාලම පිච්ච මල් උයන සඳහා පිච්ච මල් රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (26 දා) අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී සිදු කෙරිණි .
ඔයාමඩුව, කුඩා මානින්ගමුව ප්‍රදේශයේ අක්කර 26ක භූමි ප්‍රමාණයක මෙම පිච්ච පැල රෝපණය සිදු කෙරෙන අතර, එම උයන ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී මහා බෝධීය, රුවන්වැලිසෑය ඇතුළු අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරීම සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන මහා සංඝරත්නය සඳහා පිච්ච මල් වට්ටිය බැගින් පූජා කිරීමට නියමිතව තිබේ.
නෙල්ලිගල හා කූරගල විහාරාධිපති අති පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන නාහිමිපාණන්,වල්පොල ගෝතම නාහිමිපාණන්,උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ විහාරාධිපති අතිපූජ්‍ය චන්දරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ඉඩම් අමාත්‍ය එම් චන්ද්‍රසේන, යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments