රන් මිල ඉහළට
- 2020-08-11 13:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳාම තුළ රත්‍රං සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වයන් සමගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ රත්‍රං මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Colombo GOLD Center ෆේස්බුක් පිටුවට අනුව අගෝස්තු 08 වැනිදා වනවිට කැරට් 24ක රන් පවුමක (පවුමකට ග්‍රෑම් 8කි) මිල රුපියල් 110,000ක් ලෙස දැක්විණි.
කැරට් 22ක රන් පවුමකට රුපියල් 100,850ක් හා කැරට් 21 රන් පවුමකට රුපියල් 96,250ක මිලක් සටහන් වී තිබුණි.
මේ වසරේ අප්‍රේල් 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා මාස හතරක කාලයක් තුළ කැරට් 24 රන් පවුම රුපියල් 6000කින්, කැරට් 22 රන් පවුම රුපියල් 5500කින්, කැරට් 21 රන් පවුම රුපියල් 5250කින් ඉහළ ගොස් තිබේ.
එසේම මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා කාලය සලකා බැලීමේදී කැරට් 24 රන් පවුම රුපියල් 35,500කින්, කැරට් 22 රන් පවුම රුපියල් 32,550කින්, කැරට් 21 රන් පවුම රුපියල් 31,050කින් ඉහළ ගොස් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments