Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල්වල පවත්නා ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දළදා මාලිගාවේ පැවති 195 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, 2018, 2019, 2020 කාල පරිච්ඡේදවල රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කර මෙම පත්වීම් ලබා දෙන අතර වයස අවුරුදු 40 නොයික්මවන සියලු ම ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

ඒ සඳහා අන්තර්ජාල මාර්ගගත ක්‍රමය හෙවත් ‘online’ (http://applications.doenets.lk/exams)  අයදුම්පත් යොමු කිරීමට සති දෙකකට වැඩි කාලයක් ලබා දී ඇත. අයදුම්කරුවන්ට  තම පළාත, ආසන්න පළාත හෝ කැමති ඕනෑ ම පළාතක් වසර 5ක සේවා කාලයක් සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ පවතී. මෙහි දී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව මත දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරමින් පවතින අතර බොහෝවිට මෙම විභාගය මාර්තු මාසය තුළ පැවැත්වීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

එම විභාගයේ ලකුණු පළාත් මට්ටමින් නිකුත් කෙරෙන අතර පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පවත්වා වසර තුනක පරිවාස කාලයකට යටත් ව අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා දෙන බවත් ඉන් අනතුරු ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන් ම මෙම පරිවාස කාල සීමාව තුළ අභ්‍යාසලාභීන් විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කරමින් රට පුරා පිහිටි එම ආයතනයේ මධ්‍යස්ථාන  ඇසුරින්  න්‍යායාත්මක වූත් ප්‍රායෝගික වූත් විධිමත් ගුරු පුහුණුවක් ලබාගත යුතු බවත්  ඒ අනුව පාසල් පන්ති කාමරයට ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු යැවීම අවසන් අරමුණ බවත් අමාත්‍යවරයා පැවසී ය.

මීට අමතර ව ලබන පෙබරවාරි මාසයේ ප්‍රතිඵල සහතික කිරීමෙන් අනතුරු ව  විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සඳහා ද ගුරුපත්වීම් ලබා දී පසුගිය වර්ෂාවසානයේ ගුරුවරුන් විශාල පිරිසක් එක වර විශ්‍රාම යෑමෙන් ඇති වූ ගුරු පුරප්පාඩු ඇතුළු ගුරු හිඟය පියවීමටත් එමගින් ගුරු ස්ථාන මාරු තුලනය කිරීමටත්  අපේක්ෂා කරන බව ද  මෙහි දී තව දුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.