Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පසුගිය දා කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බස් රථයක් අනතුරට පත්වීමෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ට මුදල් ආධාර ලබාදීමට තර්ස්ටන් විදුහලේ සිසුන්, අදි සිසුන් ඇතුළු පිරිසක් පියවර ගෙන තිබේ.

එම මුල්‍ය ආධාර පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ   තර්ස්ටන් විදුහලේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  (03) දින  සවස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විණි.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත්  හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු ජිවිතක්ෂයට පත්වු අතර වෑන් රථයේ ගමන් ගත්  පාසල් දැරියක පමණක් මේ වන තුරුත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඇයගේ පවුලේ සියළු දෙනාම මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව තිබේ. ඇගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 8 ක බැංකු තැම්පතුවක් මෙහිදි ප්‍රධානය කිරීම සිදුවිය. ඊට අමතරව ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ටද මුදල් පරිත්‍යග කිරීම මෙහිදි සිදුවු අතර සමස්ථ මුල්‍යමය පරිත්‍යාගවල වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් පමණ වේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.