Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපේ රටේ ගොවි ජනතාව විසින් වගා කරන භෝගවලට වැඩිපුරම හානිකරනු ලබන්නේ වන සතුන් හය දෙනෙක් විසින් බව සමීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

විශේෂයෙන් අලියා, මොනරා, රිළවා, වඳුරා, වල්ඌරා හා දඩුලේනා ඒ අතරින් ප්‍රධාන වේ.

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 40ක් පමණ විනාශ වේ. වගාව සඳහා බෝග වැපිරීමේ සිට අස්වැන්න නෙළා ගන්නා අවස්ථාව දක්වා වැඩිම විනාශයක් සිදු කරනු ලබන්නේ මොණරුන් විසිනි.

මෙම කරුණු අනාවරණය කර තිබෙන්නේ  ශ්‍රී ලංකාවේ වනසතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයක් අනුවය. මෙම සමීක්ෂණය එම ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබීය.

මෙරට වගාවන්වලට වන සතුන්ගෙන් සිදුවන වගා හානි හා එම හානිවල ආර්ථික බලපෑම කෙතරම් ද යන්න සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනයට උපදෙස් දී තිබුනි.

ඒ අනුව මෙරට වී,  පලතුරු, හා එළවලු වගාවන්ට මෙන්ම පොල්, කෝකෝවා, වැනි ආර්ථික භෝගයන්ට ද වනසතුන්ගෙන් සිදුවන ආර්ථිකමය බලපෑම හා එම හානි නිසා රටට අහිමි වන මුදල් ප්‍රමාණයන් කෙතෙක් ද යන්න මෙම සමික්ෂණ වාර්තාවට ඇතුළත් කර තිබේ.

වනසතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි පිළිබඳ සමීක්ෂණ වාර්තාව බාරදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. එම අවස්ථාවට වනජීවි හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හා මෙම සමීක්ෂණය සිදු කළ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වගාවන්ට හානි සිදු කළ ද වන අලින්ගෙන් සිදුවන හානිය අනෙකුත් සතුන්ගෙන් සිදුවන හානියට වඩා අවම මට්ටමක් වාර්තා කර තිබේ. විශේෂයෙන් වැඩිම ආර්ථික හානියක් පොල්  හා වී වගාවට සිදු වේ. ඒ අතරින් රිළව්, වඳුරන් හා දඩුලේණුන් විසින් වසරකට පොල් ගෙඩි මිලියන 107ක් විනාශ කරනු ලබයි. එමෙන්ම මොණරුන් විසින් වී ඇතුළු  බෝග රැසකට අති විශාල හානියක් සිදු කරන බව ද අනාවරණය කර ඇත.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා බෝගවලට හානි කළ ද වනඅලින් වගාහානි කරන සත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව සඳහන් කළේය. එයට හේතුව අපේ රටේ වන අලි සම්පත දෙස් විදෙස් සංචාරකයින් මෙරටට ආකර්ශණය කරන සුවිශේෂි සත්ව විශේෂයක් වීමයි.

කෙසේ වුවද වඩා වැදගත් වන්නේ වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා වන වැඩ පිළිවෙළක් සැකසීම බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් උචිත වැඩ පිළිවෙළක් මෙම වසර අවසන් වීමට ප්‍රථම හඳුන්වා දීමට කටයුතු කරන්නැයි අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.