Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්”  සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඔවුන් එක් එක් රටවල් සදහා විවිධ වසරවල (1995 සිට 2019) කාල පරාසය තුල සිදු කර ඇති සමීක්ෂණ වල දත්ත සංසංදනය කර  ශ්‍රී ලංකාව සදහා 2016 වසරේ කරන ලද ජනවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත එනම් කෘෂ බව 15 % සැලැකිල්ලට ගෙන ඇත.

නමුත් 2021 අග භාගයේ වෛද්‍ය පර්යේෂණ ආයතය මගින් සිදු කරන ලද ජාතික මට්ටමේ සමීක්ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව  සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා    පෙන්වා දෙයි.

එමෙන්ම වෙනත් රටවල මෙන් නොව  කෘෂ බව සමග දරුවන් මරණයට පත්වීමේ සහ රෝග වලට බදුන්වීමේ අවධානමක්  මෙරට දන්නට නොලැබෙන බවත් හෙතෙම පැවසීය.තවද මැරමස්, ක්වොශියොකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්ද දක්නට නොලැබෙන බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (06) පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණූ අනාවරණය විය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවැසුවේ යුනිසෙෆ් ආයතනය මෑතක දී මෙරට මන්දපෝෂණය වැඩිවී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය එය පිළීගැනීමට හෝ එකගත්වයට පත්නොවන බවයි.

දරුවන්ගේ මන්දපෝෂණයට බලපාන ප්‍රධාන සාධක තුනක් වන මිටිබව, කෘෂබව, උසට සරිලන බර යන ප්‍රධාන සාධක 03 සළකා බලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවත්,  යුනිසෙෆ් ආයතනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතා පැරණි කාල පරාසයක් තුල ඇතැම් දත්ත බවද හෙතෙම කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සියළු දත්ත පිළිබද විශ්ලේෂණය කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාව ඉතා විශිෂ්ට අයුරින් සිදු  කරන බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටම දක්වා  විහිදී යන සෞඛ්‍ය ජාලයක් ශ්‍රී ලංකාව සතුව ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කීය. එම ජාලය සමග එක්ව සෞඛ්‍ය දත්ත එක්රැස් කර විධිමත්ව පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා මෙම දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන බවද ඒ මහතා පැවැසීය.

මේ පිළිබදව මෑතක දී යුනිසෙෆ් ආයතනයේ ප්‍රධානියාට කරුණු පැහැදිලි කර දැනුවත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යතුමා පියවර ගත් බවද  ලේකම්වරයා  පැවැසීය.   ආහාරවල සුරක්ෂිතතාව ඇති කිරිම සදහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග පෝෂණ සුරක්ෂිතතා වැඩසටහනක් හදිසි පෝෂණ සැළැස්ම යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කොට ඇති බවත්, පෝෂණ අංශයත් මහජන සෞඛ්‍ය  අංශයත් එක්ව ජුලි මාසය වන විට එම පෝෂණ සැළැස්ම සකස් කර ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාරවල හිගතාවයට මුහුණ දීමට  ඊට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, ඉදිරියේ දී එවන් තත්ත්වයක් ඇති නොවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  පූර්ණ වගකීමෙන්  කටයුතු කරන බව ද පැවැසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.