ලක් මවට කීර්තියක් ගෙන දුන් ටක්ෂිමාට උණුසුම් පිලිගැනීමක්

2024 මැයි මස 18 ප.ව. 12:36 - {{hitsCtrl.values.hits}}  

ආර්ථික අපහසුතා මැද පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කර ගත් මුදල් වලින් ඩුබායි හී පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගෙන ලක් මවට කීර්තියක් ගෙන දුන් මාතර මධ්‍ය මහ විද්‍යාලයේ ටක්ෂිමා නුහංසා කොඩිතුවක්කු දියණිය පිලි ගැනීම සදහා වු උත්සවයක් ඊයේ (30) මාතර නගරයේ දී පැවැත්විණි.

මීටර් 400×4 සහාය දිවීම හා මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීම යන තරග ඛාණ්ඩ දෙකෙන්ම ඇය තෙවන ස්ථානය දිනා ගෙන ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි.

ඉකුත් 24 වැනිදා සීට 27 දක්වා ඩුබායි හී පැවති 2024 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට එම ක්‍රීඩිකාව සුදුසුකම් ලබා ගත්තද ඊට සහභාගී වීම දැඩි අවිනිශ්චිත තත්වයක පැවතිණි.

පසුව මාතර මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත කොඩිතුවක්කු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ආදි ශිෂ්‍ය සංගමය එකතු වී පරිත්‍යාගශීලීන් ගේද උදවු උපකාර ඇතිව ඇය අදාල තරගාවලිය සදහා පිටත් කර යැව්වාය.

ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණ දෙකක් දිනා දුන් ටක්ෂිමා කොඩිතුවක්කු දියණිය මාතර නූපේ මංසන්ධියේ දී උණුසුම් අන්දමින් පිලි ගෙන රිය පෙරහැරකින් මාතර මධ්‍ය මහ විද්‍යාලය වෙත කැදවා ගෙන ආවාය.

පසුව බටහිර තූර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගෙන ඇය වෙනූවෙන් උපහාර උත්සවයක් ද පැවැත්විණි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

දින පොත