ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි
- 2022-06-25 13:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 ජූනි 27 දින සිට 2022 ජූලි 01 දක්වා සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
1. 2022/06/20 සිට 20222/06/24 දින දක්වා ග්‍රාමීය පාසල් වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුනට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදී පැවැත්වීය යුතු අතර, මෙම පාසල් වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩු වලින් නිදහස් කර නම්‍යශීලී කාල සටහන් සකස් කෙරේ.
2. පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30 දක්වා පැවැත්විය යුතුය. මෙම පාසල් වලද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබදව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවේ.
සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ග ගත ඉගැන්වීම/වැඩ පැවරුම්/නිවෙස් පාදක ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගනු ලැබේ.
3. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට කටයුතු කෙරේ.
4. 2022/06/20 සිට 2022/06/24 දක්වා ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ පාසල් කටයුතු පවත්වාගෙන යෑමට දායකත්වය දුන් සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රණාමය පුදකරේ.
Reply To:
Name - Reply Comment
0 Comments