Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාදනය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවි කලාපයක් ලෙස නම් කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් පසුගියදා  (25) පියවර ගත්තේය.

වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල වනෝද්‍යානයේ කලාප vi ලෙස සඳහන් නාම පුවරුව විවෘත කර එම වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානයටම අයත් කලාපයක් ලෙස නම් කරනු ලැබීය.

ලුණුගම්වෙහෙර  ජාතික වනෝද්‍යානය හෙක්ටෙයාර් 27185.85කින් සමන්විත වනෝද්‍යානයකි. ජෛව විවිධත්වයෙන් අනූන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල හා උඩවලව අතර වන අලින් සංක්‍රමණය ප්‍රධාන අලිමංකඩකි. එමෙන්ම කොටි, වළස්සු හා කුළුමීමුන් වැනි දරුණු සත්ව විශේෂ රැසක් ද මෙහි ‍පහසුවෙන් දැක බලා ගත හැකිය.

ඒ අනුව වර්ග කිලෝමීටර් 1260කින් සමන්විත යාල වනෝද්‍යානය ලුනුගම්වෙහෙර වනෝද්‍යානය එත්වීමත් සමග තවත් හෙක්ටෙයාර් 27185කින් පුළුල් වේ.

‍වන අලින්ගේ තෝතැන්නක් වන මෙම භූමිය යාල වනෝද්‍යානයට ඇතුළත් කිරීම මගින් යාල ජාතික වනෝද්‍යානය තවත් අක්කර 55000කින් පමණ විශාල විය. එමෙන්ම මෙම වනෝද්‍යානය නැරඹීම‍ට පැමිණෙන දෙස් විදේස් සංචාරකයින් විශාල පිරිසකට වන සතුන් නැරඹීමේ අවස්ථාව හිමි වන අතර යාල වනෝද්‍යානය තුළ දැනට දිනකට  වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන නිසා ඉන් ඇතිවන අපහසුතාවන් ද මඟහරවා ගැනීමට ඉඩ සැලසෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම යාල වනෝද්‍යානයේ අලුතින් ඉදි කරන ලද පහළහේන්තොට සංචාරක නිවස්නයද  අමාත්‍යවරයා අතින් විවෘත විය. වළසුන් බහුල ව වෙසෙන කලාපයක් තුළ ඉදි කර ඇති මෙම සංචාරක නිවාසය තුළ  සිටම රාත්‍රි කාලයේ දී පැමිණෙන වළසුන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද හිමි වේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා දැනට  දෙස් විදෙස් සංචාරකයින් සඳහා  විවෘත කර නොමැති ඔන්ඩච්චි කලාපය වහාම විවෘත කරන ලෙසත්,  දැනට එම කලාපයේ මාර්ග හා වැවි ඉදි කිරීම් අවසන් ව ඇති බැවින් ඒ සඳහා පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.

එමෙන්ම යාල අභයභූමිය තුළ දිනපතා මධ්‍යාහ්න 12 සිට 02 දක්වා සංචාරකයින් ගමන් කිරීම නවත්වන බැවින් එම කාලය තුළ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කර ඇති විවේක ස්ථානය සියලු පහසුකම් සහිත ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදන ලෙසත් උපදෙස් දුන්නේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.