Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පොත් එකතුවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් අද (23) විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක එහිදි සදහන් කළේය.
 මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහචාර්ය පරාක්‍රම කරුණාරත්න,පුස්තකාලාධිපති ආර්.මහේෂ්වරන් යන මහත්වරුන් ද සහභාගී වූහ.

(චමිල් රූපසිංහ - lankadeepa)
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.