Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

1971 පෙබරවාරි 02 දින ඉරාණයේ රැම්සාර් හි දී පවත්වන ලද සම්මුතියට අනුව සෑම වසරකම පෙබරවාරි 02 දින ලෝක තෙත් බිම් දිනය ලෙස නම් කර ඇති අතර ලොව පුරා රටවල් ලෝක තෙත් බිම් දිනය සැමරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

2021  ලෝක තෙත් බිම් දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන තිබෙන්නේ තෙත් බිම් හා ජලය- Wetland and Water  යන්නයි. මේ සම්බන්ධව පණිවුඩයක් නිකුත් කරන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේ රටේ තෙත් බිම් රැක ගැනීම සඳහා කටයුතු කිරීම සියලු දෙනාගේ  වගකීමක් බව අවධාරණය කර සිටී.

අපේ රටේ ප්‍රධාන වශයෙන් තෙත් බිම් පද්ධති 06ක් රැම්සාර් තෙත් අභයභුමි ලෙස නම් කර තිබේ. බුන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව අභයභූමිය, මාදුගඟ අභයභූමිය, වාන්කලේ අභය භූමිය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය එම තෙත් බිම් 06යි. මීට අමතරව රැම්සාර් තෙත් බිමක් ලෙස නම් නොකළද අප රටේ පෙනහැල්ල ලෙස හඳුන්වන මුතුරාජවෙළ තෙත් අභයභූමියයි.

  ලෝක තෙත් බිම් දිනයේ මෙවර තේමාව තෙත්බිම් හා ජලය යනුවෙන් නම් කර ඇති අතර එමගින් තෙත් බිම් හා ජලය අතර ඇති සහසම්බන්ධතාවය වටහා ගත හැකි වේ. තෙත් බිම්ක් යනු හුදෙක් වගුරු බිමක් නොවේ. තෙත් බිමක් යනු සොබා දහමේ අවශ්‍යතාවයකි. සොබා දහම විසින් තෙත් බිමක් නිර්මාණය කරන්නේ මිනිසා ඇතුලු සියලු ජීවින්ගේ ජීව විද්‍යානුකූල ක්‍රියාවලියක අවශ්‍යතාවයක් නිසාය. නිදසුනක් ලෙස ගත් කළ මුතුරාජවෙළ ගත හැකිය. මුතුරාජවෙළ යනු කොළඹ හා ගම්පහ භූගත ජල ස්ථරය පෙරා පිරිසිදු කරන පිල්ටරයක් හා සමාන බව පරිසරවේදීන්ගේ මතයයි. මෙම පරිසර පද්ධති විනාශ කිරීම මගින් සිදුවන්නේ මිනිසා විසින් තමන්ගේ මිනී වළම ඔහුම කපා ගැනීමකි.

 2021 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට යෙදෙන ජාතික රුක්රෝපණ නැකත අනුව නැකතට පැළයක් නමින් සුවිශේෂි රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට පරිසර අමාත්‍යංශය  කටයුතු යොදා ඇත.

එම දිනට සිටුවීම සඳහා  පැළ ලබා ගැනීමට අවශ්‍ය බීජ රෝපණය කිරීම හෙට දින පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඊට සර්වාගමික පූජකතුමන්ලාට ද ආරාධනය කර තිබේ. අප්‍රේල් 16 දින සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙරට නිවාස මිලියන 03කවත් එකම මොහොතක පැළ රෝපණ වැඩ පිළීවෙළ ක්‍රියාත්මක කිරීම පරිසර අමාත්‍යාංශයේ අරමුණ වේ.

ලෝක තෙත් බිම් දින ජාතික උත්සවය වනජීවී රැකවරණ අලිවැට හා අඟල් ඉදිකිරිම් ඇතුළු ආරක්ෂීත වැඩ පිලිවෙලවල් හා කැලෑ නැවත වගා කිරිම් හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති විමලවීර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් ආනවිලුන්දාව අභය භූමියේදි පැවැත්විණ.  
ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය ළමා පුවත්පත සමග පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් විවෘතව සංවිධානය කළ කෙටි ඉදරිපත් කිරීම් තරගාවලියේ ත්‍යාග ප්‍රදානයද එදින සිදු කෙරිණ.වනජීවි හා වන සංරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර, වනජීවී රැකවරණ අලිවැට හා අඟල් ඉදිකිරිම් ඇතුළු ආරක්ෂීත වැඩ පිලිවෙලවල් හා කැලෑ නැවත වගා කිරිම් හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රමික) පාලිත ප්‍රනාන්දු, වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසිරි සූරිය බණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ (රක්ෂිත කළමණාකරණ) අධ්‍යක්ෂ මංජුල අමරරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පරිසර නියමුවන් රැසක්ව එක්ව සිටිය.  
ඡායාරූප- රුෂිරු තරංග

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.