ලෝකයේ විශාලම මගී ගුවන් යානය කටුනායකට එයි
- 2023-03-05 15:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ.- 380 - 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත 03/05 දින අලුයම පැමිණියේය.
එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත 03/05 දින අලුයම 03.10 ට පැමිණි තිබුණි.
මෙම විශාලතම මගී ගුවන් යානය කොරෝනා වසංගතයට පෙර , එනම් 2019 වසරේ දීත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය තුළ මගීන් 413 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 29 දෙනෙකු සිටියහ . ඔවුන් කිසිවෙකුත් ගුවන් යානයෙන් පිටතට නොපැමිණියහ.
ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත් , එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වටිනා ජෙට් ඒ.-1 වර්ගයේ ඉන්ධන ලීටර් 62,800 ක් මෙම ගුවන් යානයට ලබා දීමට පියවර ගෙන තිබුණි .
මේ සදහා පැය 01 යි විනාඩි 40 ක කාළයක් ගත වී තිබූ අතර , මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව 03/05 දින අලුයම 04.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.
Reply To:
Name - Reply Comment
0 Comments